QR ක්රමය නැවත ගෙනාවේ නම් ඉන්ධන මිල වැඩි නොවෙයි
ඉන්ධන මිල වැඩි කිරීම වෙනුවට QR ක්රමය යළි ක්රියාත්මක කිරීම මගින් ඉන්ධන සංචිත කළමනාකරණය කළ හැකිව තිබූ බව ශ්රී ලංකා තෙල් සංස්ථාවේ හිටපු වැඩබලන සභාපතිවරයෙකු සහ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු ඛනිජ තෙල් උපදේශකවරයෙකු වන සිරිල් සුදුවැල්ල පවසයි.
ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් මෙරට ඉන්ධන බෙදාහරින බහුජාතික සමාගම්වලටද අමතර ලාභ ලබා ගැනීමට අවස්ථාවක් ඇතිවී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.