Easy Cash ක්‍රමේට වනාතේ බොක්කා සහ මැදවච්චියේ අක්කා ගහපු ගේම එළිවෙයි - CID අත්අඩංගුවේ
මත්ද්‍රව්‍ය ව්‍යාපාරයෙන් උපයන ලද මුදල්වලින් මිලදී ගත් බවට හෙළි වූ අතුරුගිරිය, ශාන්තාලෝකගම, 8 වන පටුමගේ පිහිටි රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවසක් දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කර (තහනමට ලක් කර), එහි හිමිකරුවන් වන අඹුසැමි යුවළක් අද (20) දින අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වරාසිංහ ආච්චිගේ ධනුෂ්ක පුෂ්පකුමාර හෙවත් "වනාතේ බොක්කා" නමැති අයකු සහ "මැදවච්චියේ අක්කා" නොහොත් මොහොමඩ් සුෆාර් ෆාතිමා රෙජිනා නමැති ඔහුගේ බිරිඳ බව වාර්තා වේ.
සැකකාර අඹුසැමියන් දෙදෙනා ‘ඊසි කෑෂ්’ (Easy Cash) ක්‍රමය මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කර ඇති බවට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇති බව සඳහන්.
පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී
එමෙන්ම එසේ ලබාගන්නා මත්ද්‍රව්‍ය ආදායම ඔවුන්ගේ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර වීමට සලස්වා, ඉන්පසු තැන්පතු කාඩ්පත් (ATM Cards) මාර්ගයෙන් එම මුදල් ලබාගෙන මෙම නිවස මිලදී ගැනීමට කටයුතු කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ හෙට (21) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව සඳහන්.