කාසල් රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවතෙහි ඇත්ත නැත්ත ගැන රෝහලෙන් හෙළිදරව්වක්
කාසල් වීදියේ කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරනු ලබන බව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පුවත සාවද්‍ය බවයි කාසල් වීදියේ කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සදහන් කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසන්නේ එවැනි කිසිදු ක්‍රියාවක් මෙම රෝහලේදී සිදු නොවන බවයි .
ඒ සඳහා යම් විර්මශනයක් කිරිමට අවශ්‍ය නම් විර්මශනය සඳහා පූර්ණ විවෘතභාවයක් පවතින බවත් අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ.