කැලිෆෝනියාවේදී පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමේ විශේෂ සැමරුමක්
By Kanchana
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමේ විශේෂ සැමරුමක් කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලිස් නගරයේ දී පවත්වා තිබේ.
2019 අප්‍රේල් 21 වන ඉරිදා සිදුවු පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සිහිකිරීම වෙනුවෙන් මෙම සැමරුම සංවිධාන කරන ලදි .
ලොස්ඇන්ජලිස් ශාන්ත බර්නාබස් දේවස්ථානයේ පැවති සැමරුමට බොහෝ පිරිසක් එක් ව තිබුණි ඩේමියන් ප්‍රනාන්දු සහ රෂ්මි ප්‍රනාන්දු යන පියතුමන්ලා මෙහිදී විශේෂ දේවමෙහෙයක් ද සිදු කර තිබේ.
මෙය සංවිධාන කරන ලද්දේ කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කතෝලික සංගමයයි