කට්ටිය හොඳටම කලබල වෙලා! - කව්රු මොනවා කිව්වොත් පාස්කු ප්‍රහාරට පිල්ලෙයාන් සම්බන්ධයිලූ.. - ඇමති සහතික දෙයි!

Report

 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව අලුත් දිශානතියක් ඔස්සේ සිදු කරමින් තිබෙන බවත්, මෙම විමර්ශන ක්‍රියාත්මක වන විට පිරිසක් දැඩි ලෙද කලබල වී තිබෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමට නියමිත බවත්, ඔහු සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට සමග කටයුතු කළ පුද්ගලයෙකු බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත්, මීට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය.එහිදී වැඩිදුරටත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම යනවා. අවුරුදු 06ක පරණ එකක්නේ දැන්. අපි පරීක්ෂණ අලුත් විදියට පටන් අරන් තියෙනවා. ඒ අනුව විමර්ශන කරගෙන යනවා. ආරංචි හැටියට අදත් කෙනෙක් භාරවෙන්න එනවා. පිල්ලෙයාන් ළඟ හිටිය කෙනෙක්. එයත් එක්ක වෙන සිද්ධි වලට සම්බන්ධ වෙලා තියෙනවා.

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

ආණ්ඩුව මතක තියාගන්න - "පිල්ලෙයාන් කියන්නේ ප්‍රභාකරන් එක්කත් හැප්පිලා ජයග්‍රහණය කළ කෙනෙක්"

මේක කිව්වම අනිත් අය ගිහින් වළක්වනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නේ මොකක් හරි කියන්න තියෙන නිසානේ. විමර්ශනවලට බාධා වෙන ඒවා තමයි වෙන්නේ එළියේ. ගම්මන්පිල ගිහින් හොයනවා මොනවා හරි කිව්වද කියලා පාස්කු එක සම්බන්ධයෙන්.

බයවෙලා ගිහින් හොයනවානේ මොනවාද කිව්වේ කියලා. හිටපු ජනාධිපති රනිල් කෝල් කරනවා එයාගේ පරණ දුරකථන අංකයෙන් පී.එස්.ඕ.ගේ. ඒ කියන්නේ රනිල්ගේ පී.එස්.ඕ. කතා කරනවා පිල්ලෙයන්ට කතා කරන්න ඕනෑ කියලා. ඒත් සී.අයි.ඩී. එක අවසර දෙන්නේ නෑනේ.

මෙහෙම කවදාවත් වෙලා නෑනේ. ඇයි එච්චර කලබල වෙන්නේ? විමර්ශන කරගෙන යන්න දෙන එක තමයි අපි හැමෝගේම වගකීම. ඇත්තම කිව්වොත් විමර්ශන සිදු වෙද්දි කට්ටියක් හොඳටම කලබල වෙලා. නැත්තන් උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තියලා මෙයා ඇඬුවා කියලා කියන්නේ නෑනේ. අපි දන්න විදියට අඬලත් නෑ.

ලංකාවේ බියර් හොඳ නැහැලු - මෙන්න අලුත් කතා!

ලංකාවේ බියර් හොඳ නැහැලු - මෙන්න අලුත් කතා!

ගම්මන්පිල ඇවිල්ල අඬනවා එළියේ. මම සී.අයි.ඩී එකෙන් ඇහුවා ඇඬුවද කියලා. නෑ එහෙම අඬලා නෑ. නිලධාරීන් එතන හිටියා. පිල්ලෙයාන්ගේ නීතිඥවරයා කියපු නිසා තමයි එයා හම්බවෙන්න දුන්නේ. නීතිඥයාට ඉඩකඩ දෙන්න ඕනැනේ හම්බවෙන්න. නිර්දෝෂී භාවය ඔප්පු කරන්නත් ඉඩකඩ දෙන්න ඕනෑ. අපිට කවුරුවත් ටාගට් කරගෙන විමර්ශන කරන්න ඕනැ නෑනේ. සාධාරණ හේතු නැත්තන් තියාගන්න හේතුත් නෑ.

නැගෙනහිර උපකුලපති සම්බන්ධයෙන් ලැබුණු තහවුරු වුණු තොරතුරු අනුව මෙයා අත්අඩංගුවට ගත්තේ. ' යනුවෙන් මහජන ආරක්ෂිත ඇමති සඳහන් කළ අතර දැනට ලැබෙන තොරතුරු අනුව 21 වැනි දිනට කලින් සුවිශේෂී අනාවරණයක් සිදු කර ගැනීමට හැකියි.." බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ලංකාවට සොරි - ට්‍රම්ප්ගෙන් බද්දෙන් නිදහස් වෙන රටවල් ලිස්ට් එකේ ලංකාව නෑලු!

ලංකාවට සොරි - ට්‍රම්ප්ගෙන් බද්දෙන් නිදහස් වෙන රටවල් ලිස්ට් එකේ ලංකාව නෑලු!