ලංකාවට සොරි - ට්‍රම්ප්ගෙන් බද්දෙන් නිදහස් වෙන රටවල් ලිස්ට් එකේ ලංකාව නෑලු!

By Shehan Apr 17, 2025 08:24 AM GMT
Report

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී.

එසේ නොකළහොත් එම රටවල ආර්ථිකයන් දැඩි අවදානමකට ලක්විය හැකි බව එම සංවිධානය නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.


එම වාර්තාව මඟින් ඇමරිකාව අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන් නිදහස් කළ යුතු ලොව දුප්පත්ම හා කුඩාම රටවල් 28ක් හඳුනාගෙන ඇත.

කෙසේ වුවත්, එම රටවල් 28ට ශ්‍රී ලංකාව ඇතුළත් නොවේ.

ඇමරිකාව ඉහළ තීරු බදු පනවා ඇති මෙම රටවල් 28ේ ප්‍රමාණය සහ මධ්‍යස්ථ අපනයන මට්ටම් සැලකිල්ලට ගත් විට, එම රටවලින් ඇමරිකානු ආර්ථිකයට කිසිදු තර්ජනයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතයයි.