අම්බලන්තොට මහ පොළොව හෙල්ලෙයි..නිවෙස් වල ටයිල් කැටත් ගැලවෙයි..

Hambantota Earthquake TN Weather Weather
By Aruna Aug 03, 2023 05:11 AM GMT
Aruna

Aruna

Report

අම්බලන්තොට බැරගම මහආර ප්‍ර දේශයේ රාත්‍රී හතයි විස්සට පමණ පොළව සෙලවී ගිය බව එම ප්‍ර දේශයේ නිවැසියෝ පවසනවා.

අම්බලන්තොට, මහආර කාන්තාවක් පැවසුවේ, එක්වරම මහා හඩක් නගමින් ගෙයි ඇතුලේ පොලව සෙලවි ගිය බවත්.

නිවසේ ටයිල් කැට කිහිපයක් ගැලවි ඉස්සි ගිය බවයි. අවට නිවෙස් කිහිපකටත් මේ ශබ්දය ඇසුණු බවත්. ඉතා සුළු වේලාවක් තුල එය අවසන් වූ බවද නිවැසියෝ සඳහන් කළා.

මේ සම්බන්දව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශකරන්නේ, එවැනි භූ චලනයක් සම්බන්දව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නැති බවයි.

ReeCha