ප්‍රබල භූමිකම්පාවක්..අවධානයෙන් සිටින්නැයි ජනතාවට දැනුම්දෙයි..
Earthquake
TN Weather
Weather
World
By Aruna
පිලිපීනයේ බටංගාස් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.2 ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා.
එරට වේලාවෙන් අද (15) පෙරවරු 10.19 පමණ මෙම භුචලනය හටගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පොළවේ සිට කිලෝමීටර් 103 ක ගැඹුරකින් මෙම භූ කම්පනය සිදුව ඇති බවත් එය මැනිලා අගනුවර සහ ඒ අවට ප්‍රදේශවලට දැනී ඇති බවයි.
භූමිකම්පාවෙන් නිවාස, ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම්වලට හානි සිදුවී ඇති බවත්, පසු කම්පන ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙස ජනතාවට එරට බලධාරීන් අනතුරු අඟවා ඇති බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
.