භූ කම්පනයෙන් මියගිය පිරිස් 5000 ඉක්මවයි..

By krishani Feb 07, 2023 10:20 AM GMT
Report

තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5000 ඉක්මවා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3419ක් ලෙස තහවුරු කර ඇති අතර සිරියාවෙන් මරණ 1602ක් තහවුරු කර ඇති බව ය.

දෙරටේ තුවාල ලැබූ සංඛ්‍යාව 20,534ක් වන අතර මේ වනවිට සහන කණ්ඩායම් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join