ඊ පාස්පෝට් එක නිසා එකවරම සිදු වූ දේ මෙන්න..රට යන්න ඉන්න අයට විශේෂ පණිවුඩයක්..
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යන ඊ පාස්පෝට් ක්‍රමවේදය හේතුවෙන් වේලාවක් වෙන් නොකරන පුද්ගලයන් හතළිස් දෙනෙකු සඳහා පමණක් ගුවන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.
මේ අනුව, ඊ පාස්පෝට් ක්‍රමය ලබන ඔක්තෝබරයේ දී ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පැරණි ක්‍රමයට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම උපරිමයෙන් සීමා කර තිබෙන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කරන්නේ.
ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ, දියුණු රටවල වීසා නිකුත් කිරීම ඊ පාස්පෝට් සඳහා පමණක් සිදුකරන බවත් මෙතෙක් කලක් නිකුත් කළ ගුවන් බලපත්‍ර සඳහා වීසා නිකුත් නොවන බවත් ඒ හේතුවෙන් පවතින ක්‍රමවේදයට අනුව ගුවන් බලපත්‍ර මුද්‍රණය කිරීම සීමා කර ඇති බවයි.
කෙසේ වෙතත් නව ඊ පාස්පෝට් ක්‍රමවේදය මේ වසරේදී ක්‍රියාත්මක කිරීම හේතුවෙන් පැරණි ක්‍රමවේදයට අනුව පාස්පෝට් මුද්‍රණය කිරීමට යොදාගන්නා පොත් මිලදී ගෙන නොමැති බවත්, ඒ හේතුවෙන් පුද්ගලයන් හාරසියයකටත් අවම පිරිසකට දින වේලා වෙන් කර ගැනීමේ ක්‍රමවේදය මත ගුවන් ගමන් බලපත් නිකුත් වන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළා.
එම ප්‍රකාශකයා සඳහන් කළේ, මේ වනවිට ඇත්තේ එවැනි පොත් විසිපන්දහසකටත් අවම ප්‍රමාණයක් බවයි.
