පාරදිගේ සරණි මගේ ජීවිතේම වෙනස් කළා, මම මල්කාන්ති අක්කට නාකි ගෑණි කිවුවට පස්සේ ඇයව බදාගෙන සොරි කිවුවා-දුෂේනි මියුරංගි (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Feb 17, 2023 02:48 PM GMT
Sithumi

Sithumi

Report

දිනවල පුංචි තිරය ඔස්සේ අතිශය ප්‍රේක්ෂක ආදරයක් ලබමින් විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ සරණිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි කියලා කියන්නේ.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් පාරදිගේ සරනි සහ රෙහාන් කියන්නේ මේ දිනවල ටෙලි ප්‍රේක්ෂකයින්ට නම් අමතක කරන්නම බැරි යුවළක්. ඒ වගේම ඇය පාරදිගේ ටෙලිනාට්‍යයේ රඟපාන්නේ ද්විත්ව චරිතයක්.

කොහොම නමුත් මේ දවස්වල සරණිට ලැබෙන ප්‍රතිචාරය හිතාගන්න බැහැ කියලයි ඇය නම් කියන්නේ. ඒ වගේම සරණිට හොඳ වගේම බණින ප්‍රතිචාරත් අඩුවක් නැතිව ලැබෙනවා කියලත් ඇය කියනවා. හැබැයි බන්ටිට වඩා සරණිට ගොඩක්ම ලැබෙන්නේ ආදරය කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ටෙලි නාට්‍යය ඇතුළෙ නැන්දම්මා ලේලි ගැටුම නිර්මාණය කිරිමේදී අධ්‍යක්ෂකවරයා සහ පිටපත් රචක දේපළ ඇතුළු හැමෝමට එන්න ගත්තේ ලොකු අභියෝගයක් කියලත් ඇය කියනවා. මොකද ඒක සමාජය කොයි විදිහට භාරගනීවිද කියන ගැටලුව ඔවුන්ට තිබුන නිසා. ඒත් සරණි සහ රෙහාන්ගේ මව අතර ගැටුම් විකාශය වීමත් සමග හිතුවේ නැති විඳිහට ටෙලි නාට්‍යය ප්‍රසිද්ධ වුණා කියලයි ඇය කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery