දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සැප විඳින හැටි.? - පින්තූර එලියට. - වීඩියෝව සහිතයි. - (VIDEO/PHOTOS)

Sri Lanka Police Dumindha Silva Sri Lanka Politician Department of Prisons Sri Lanka Prisons in Sri Lanka
By Wayomi Jan 05, 2025 05:14 AM GMT
Wayomi

Wayomi

Report

මරණීය දණ්ඩනයට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලබමින් පසුවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඒ බව තහවුරු කිරීම සදහා දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන බන්ධනාගාර රෝහල් වාට්ටුවේ ඡායාරූපද මාධ්‍ය වෙත අද නිකුත් කර තිබෙනවා.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා කියා සිටියේ, දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටු අංක 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එහි තවත් රැඳවියන් 50කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

එමෙන්ම දුමින්ද සිල්වා බන්ධනාගාරයට යවන විට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත්, දුමින්ද සිල්වා මේ වන විට බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින බවත් තවදුරටත් තව දුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද යන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් විමසීමක් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව තත්ත්වය තක්සේරු කිරීම සඳහා වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතරල ඔවුන්ගේ නිර්දේශ මත බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියා. 

කොට්ටහච්චි ගියේ කාත් එක්කද? ඉන්නේ කාත් එක්කද?අදාල නෑ නේ. - ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ.. පොදු දේපල අවභාවිතයක් නෑනේ. - (VIDEO)

කොට්ටහච්චි ගියේ කාත් එක්කද? ඉන්නේ කාත් එක්කද?අදාල නෑ නේ. - ප්‍රේම කරන අය ප්‍රේම කරගත්තාවේ.. පොදු දේපල අවභාවිතයක් නෑනේ. - (VIDEO)




GalleryGalleryGalleryGalleryGallery
ReeCha