හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ දී අත්අඩංගුවට..!

Dumindha Silva Sri Lanka Politician
By Sewvandhi Jun 01, 2022 12:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මරණීය දණ්ඩනයට නියම වී පසුව ජනාධිපති සමාව හිමිව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අඟහරුවාදා (31) ලබාදුන් ජනාධිපති සමාවේ  අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු අද (1) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබීය.

. දුමින්ද සිල්වා මහතා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම අත්හිටුවමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව දුමින්ද සිල්වා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය සහ උපදෙස් ලබාදෙන ලෙස නීතිපතිවරයාට ද නියෝග කළා.

එමෙන්ම දුමින්ද සිල්වාට ද ශ්‍රේෂ්ඨාධිකරණය විදෙස් ගමන් තහනමක් පැනවීය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස් ගසාලි හුසේන් යන අය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් තුනක් විභාග කිරීමට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පී.පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන් විසින් මෙම නියෝග නිකුත් කර ඇත. සිල්වාට ජනපතිගෙන් ජනපති සමාව. අයදුම්පත් විභාග කිරීම සැප්තැම්බර් 01 වැනිදා ආරම්භ වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now