ටිකට් කැපූ දුමින්ද සිල්වා යලිත් රෝහල් ගත වෙයි..!
By Sewvandhi
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් නිදහස් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් අද (3) පස්වරුවේ සූදානම් වුවද හිටපු මන්ත්‍රීවරයාව නැවත රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
වෛද්‍ය නිර්දේශ මත රෝහල්ගත කරන්නේ නම් බන්ධනාගාර නිලධාරීන් ඒ සඳහා අවසර ලබාදිය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා ඒ අනුව තව දුරටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවත් එම නිලධාරියා කීය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් දුමින්ද සිල්වා මහතාව ඊයේ පෙරවරුවේ රෝහලෙන් නිදහස් කළ ද ඒ මහත් නැවත අසනීප වීමෙන් නැවත රෝහල් ගත කළ බව වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |