රට කඩන් වැටුනේ මගේ අයියා නිසා නෙමෙයි රනිල් වික්‍රමසිංහ නිසයි - ඩඩ්ලි සිරිසේන කට අරී

Central Bank of Sri Lanka Maithripala Sirisena Ranil Wickremesinghe Latest Headlines Sinhala news
By Ashfa Aug 10, 2025 12:09 PM GMT
Ashfa

Ashfa

Report

මෙරට ආර්ථික පරිහානිය ඇරඹුණේ 2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් බව මෙරට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

රාජකාරී ගිනි අවියෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

රාජකාරී ගිනි අවියෙන් උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ගනී

ශ්‍රී ලංකාව මේ තරම් ආර්ථික වශයෙන් කඩාවැටීමට හේතුව 2015 මහා බැංකු බැදුම්කර වංචාව බවත් එයට හේතුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ බවත් ඔහු පවසයි.

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

චිචීගේ රොකට් එකේ ඇත්ත නැත්ත මෙන්න - දෙන්නම කියන්නේ ඇත්තලු

එනිසා රටේ ආර්ථිකට කඩා වැටීමට වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ මිසක් තම අයියා වන හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන නොවන බවත් ඔහු පවසයි.

2015 මහා බැංකු බැදුම්කරය හේතුවෙන් රටේ ආයෝජකයන් තම ආයෝජන ඉවත් කරගත් බවත් එනිසා රටේ ආයෝජනය හා ආර්ථිකය කඩා වැටුන බවත් ඔහු පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට මොකද වුනේ? මෙන්න විස්තරේ

උත්සවයකට සහභාගී වූ ඩඩ්ලි සිරිසේන මහතා මෙසේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“ඉන් පසු දිගන ඇතිවූ සිංහල මුස්ලිම් අර්බුදය, සහරාන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය වගේ එක දිගට ආපු ව්‍යසන නිසාම සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන බලා සිටියදීම කඩාගෙන වැටුණා. ඊට පස්සෙ යාන්තම් පණ ඇදගෙන ආපු ආර්ථිකයට කොවිඩ් සහ අරගලය එකතු වුණා. මේ හේතු නිසාම රට සම්පූර්ණ වශයෙන් බංකොලොත් වූ රටක් ලෙස එවකට පැවති රජය විසින් නම්කළා. මේ වෙද්දි කවුරු බලයේ හිටියත් වෙන කරන්න දෙයක් නැති මට්ටමට රට ඇවිල්ලා. මේ වෙද්දි IMF එකට ඕන විදියට, ඒ අයගෙ නිර්දේශ සහ නියාමනය මත අපිට ගමනක් යන්න වෙලා. ඒ නිසා මේක අවබෝධ කරගෙන අපි හැමෝම පවතින රජය ස්ථාවර කරගෙන ගමනක් යන්න ඕන. මේක අනුර කුමාර දිසානායක ජනාධිපතිගෙවත්, සජිත් ප්‍රේමදාසගෙවත් විපක්ෂ නායකගෙවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේ ප්‍රශ්නයක්.”