ඩුබායි කුමරු මොකක්ද මේ කළේ ? රෙස්ටුරන්ට් එකේ හැමෝම පුදුම වෙලා

Report

ඩුබායි රාජධානියේ මීළඟ රජු, ෂේක් හම්දාන් බින් මොහොමඩ් අල් මක්තුම් කුමරු ,අපි හැමෝම දන්න ආදරණීය “ෆසා” හදවත් උණුසුම් කරපු සිද්ධියකට මැදිවෙලා.

පැතිරී යන කතා අසත්‍යයි මහින්ද රාජපක්ෂගේ පාර්ශවය කට අරි

පැතිරී යන කතා අසත්‍යයි මහින්ද රාජපක්ෂගේ පාර්ශවය කට අරි

ඉකුත් දිනෙක ෆසා කුමරු සාමාන්‍ය විනෝද චාරිකාවක් යටතේ ඩුබායිහි ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් එකකට යනවා. බොහෝදෙනා ඔහු අහසින් වැටුණු පුදුමයක් වගේ බලාගෙන හිටියා.

“කෝපි එකක් බොන්න ඇවිල්ලා!” කියලා හිතුනත්, ඒ කුමරුගේ හැසිරීමයි දැන් ලොව පුරා කතා වෙන්නේ.

කියන්නෙත් නැතුවම ලොක්කෙක්ව අස් කරලා

කියන්නෙත් නැතුවම ලොක්කෙක්ව අස් කරලා

ඔහු එහි සිටි විට, ආදරෙන්ම හැමෝටම සන්සුන්ව ෆොටෝ, සෙල්ෆී, සමරු සටහන් ලබා දුන්නා. කිසිම අයෙකුට ‘නෑ’ කියලා නැහැ.

ඔහුගේ නිහතමානී සිතුවිලි ඒ විදිහටම හැඟුණා.

ඒත් සිද්ධියේ හුඟාක් විශේෂම කොටස උනේ ඔහු යන්නට සූදානම් වූ මොහොතේ. ෆසා කුමරු තමන්ගෙම බිලත් එක්කම, එතන හිටපු හැමෝගෙම බිල් එකත් ගෙවලා ගියා!

කැෂියර් කියපු විදිහට — “ඔයාලා හැමෝගෙම බිල් එක ඩුබායි කුමරුම ගෙවලා ගියා, ඔයාලට ගෙවන්න දෙයක් නෑ.” මෙය සිදුවෙලා තියෙන්නේ ඩුබායි මෝල් එකේ පිහිටි ප්‍රසිද්ධ ස්ථානයක.

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න - රවී කරුණානායක

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න - රවී කරුණානායක

සමහරවිට, එදින ඒ රෙස්ටුරන්ට් එකේ සිටි 90% පුරවැසියෝ විදේශිකයෝ වෙන්නත් පුළුවන්.

හැබැයි ෆසා කුමරු ඒ කෙනා මෙරටේද, නැද්ද කියලා නොසලකා හැමෝටම එක සමාන හැඟීමකින් සැලකුවා.

මේ තමයි සත්‍ය නායකත්වය කියන්නේ!