වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සමීක්ෂණයක්

Report

 වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවල ජනතාවගේ ජීවනෝපායන්ට සිදුව ඇති බලපෑම පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රගීත් දනන්සූරිය සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම සමීක්ෂණය ක්‍රියාත්මක වන බවයි.

එහිදී කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සත්ත්ව පාලනය සහ සුළු පරිමාණ රැකියා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල නිරත පුද්ගලයන්ගේ ජීවනෝපායන්ට සිදුව ඇති බලපෑම පිළිබඳ තොරතුරු රැස් කිරීමට නියමිතය.

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

එම සමීක්ෂණයෙන් ලැබෙන වාර්තා පදනම් කරගනිමින් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියමිත බවද සඳහන් වේ. මේ අතර, දිස්ත්‍රික්ක 8ක වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 163,869 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයට වන අතර, එහි පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 43,638කි. අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජනතාවද වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාව සඳහා පානීය ජලය බෙදාහැරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.