ඇප මත සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අධිකරණයට- සුඛෝපභෝගී මෝටර් රථ නඩුවේ නියෝගයක්

Report

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියම කළේය.

අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුව මෝටර් රථ ආඥා පනත යටතේ පවරා ඇති නඩුවක් බවයි.

කෙසේ වෙතත්, නඩුව විභාගය සඳහා අවසන් වරට ඔක්තෝබර් 28 වනදා කැඳවන බව මහේස්ත්‍රාත්වරයා නියම කළේය.