අධිවේගී මාර්ගයේ යන රියදුරන්ගේ අවධානයට- ආරක්ෂිත පරතරය තබාගන්න, ප්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන්න
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන් තම වාහනවල ප්‍රධාන ලාම්පු (headlights) දල්වාගෙන ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම, වාහන අතර ප්‍රමාණවත් ආරක්ෂිත පරතරයක් පවත්වා ගන්නා ලෙසත්, අධිවේගී මාර්ගවල සවිකර ඇති විද්‍යුත් දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කෙරෙන උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ රිය ධාවනය කිරීමේදී වැඩි අවධානයකින් සහ වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.