රට තුළ ගංවතුර අවදානම් තත්ත්වය මෙන්න - පැය 24 වාර්තාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන්

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බවයි.

පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ගිං ගඟ පහළ ප්‍රදේශයේ, බද්දේගම ආසන්න ස්ථාන කිහිපයක මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

ලංකාවට ආසන්න වායුගෝලයේ කැලඹිලි ස්වභාවයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

ලංකාවට ආසන්න වායුගෝලයේ කැලඹිලි ස්වභාවයේ වෙනසක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට ඉල්ලීමක්

එමෙන්ම කළු ගඟේ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද, පහළ ද්‍රෝණියේ කැස්බෑව ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇත.

කොළඹ ආසන්න ප්‍රදේශවලින්ද මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට අයත් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, අම්පාරේ ගල්ඔය ද්‍රෝණිය ආසන්න ප්‍රදේශවල මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී තිබේ.

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

මඩකළපුව දිස්ත්‍රික්කයෙන්ද මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත්, බොහෝ ගංගාවල ජල මට්ටම්වල සීඝ්‍ර ඉහළ යාමක් මේ වනවිට දක්නට නොමැති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය. තෙත් කලාපයේ ගිං, නිල්වලා, කළු ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, ඒවා මේ වනවිට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නොමැත.

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

සැප්තැම්බර් 20 සිට අනිවාර්ය වන අති විශේෂ නීතියක් - අති විශේෂ ගැසට් නිවේදනය අනුමතයි

කෙසේ වෙතත්, එම ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

"මේ දිනවල ලැබෙන වර්ෂාපතනය තීව්‍රතාවය වැඩියි. නැත්නම් කෙටිකාලයක් ඇතුළත විශාල වර්ෂාපතනය ලැබෙනවා. මේ තත්ත්වය යටතේ ප්‍රදේශය වශයෙන් පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාව තිබෙනවා." යනුවෙන් ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.