නාමල් රාජපක්ෂ අද අධිකරණයට - තීරණාත්මක මොහොතක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ

Report

අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පෙරේදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට ලබාදුන් නියෝගයකට අනුවයි.

මේ හේතුවෙන් මේ වනවිට කොළඹ, කොටුව මෙහස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව කර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.  

ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි - අසනීපෙන් කොළඹ රෝහලක සිටි ශිරන්ති පාන්දරම කටුනායකින් යන්න යයි

ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි - අසනීපෙන් කොළඹ රෝහලක සිටි ශිරන්ති පාන්දරම කටුනායකින් යන්න යයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගෙන ඇත.

විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ විමර්ශන ගොනු සලකා බැලූ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ මෙන්ම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ ද සැකකරුවෙකු ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීමට උපදෙස් ලබා දී තිබේ.

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

හදිසි තත්ත්වයක් - සෞදි අරාබිය අනතුරේ - සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - මැද පෙරදිග යුධ උණුසුම ඉහළට

නීතිපති උපදෙස් සහ ඒකාබද්ධ විමර්ශනයක් අනුව එයාර් බස් ගනුදෙනුවට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් නාමල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.