නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවේ තිබී සොයාගත් දේවල්

By Zara Apr 12, 2025 02:45 PM GMT
Report

නාවික හමුදාව විසින් බටහිර මුහුදු තීරයේදී සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අද (12) උදෑසන නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමක් ලද තොරතුරක් මත බටහිර මුහුදු සීමාවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධිවර යාත්‍රාවක් සිය භාරයට ගනු ලැබුවා.

ඒ අනුව අද පස්වරුව වන විට අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අතර සිදුකළ පරීක්ෂා කිරීමකදි හෙරොයින් සහ අයිස් කිලෝ 100කට අධික ප්‍රමාණයක් එම යාත්‍රාව තුළ තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට අධික බව නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් සැකකටයුතු යාත්‍රාව

නාවික හමුදා භාරයට ගත් සැකකටයුතු යාත්‍රාව

ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවාට වැඩ වැරදුනු හැටි

ගුවනේ දී කාන්තාවකට ලිංගික හිංසන කළ ඉන්දියානුවාට වැඩ වැරදුනු හැටි