හෂීස් සමඟ අයෙක් පොලිස් දැලේ

Sri Lanka Police Drugs Sinhala news
By Dilasha Mar 28, 2025 04:55 AM GMT
Dilasha

Dilasha

Report

රුපියල් ලක්ෂ 75කට ආසන්න වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පානදුර අළුබෝමුල්ල ප්‍රාදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් නිලධාරියෙකුට ලද තොරතුරක් මත පානදුර පාලම ආසන්නයේදී සැකකරු පරීක්ෂා කිරීමේදී පොලිතීන් බෑගයක සඟවාගෙන සිටී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 870ක් ද ජාවාරමට යොදාගත් ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය සඳහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය විදෙස්‍ රටක සැඟව සිටින බව කියන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් මත්ද්‍රව්‍ය බවට හඳුනාගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බවත් සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් පොලිසිය සඳහන් කළේය.

කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරී ඩබ්. ඩී. පී. ක්‍රිෂාන්ත, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව යන නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ. 

බටහිර රටවල් රණවිරුවන් දඩයම් කරද්දි ආණ්ඩුව පොලිස්පති දඩයමේ…! – නාමල්

බටහිර රටවල් රණවිරුවන් දඩයම් කරද්දි ආණ්ඩුව පොලිස්පති දඩයමේ…! – නාමල්


සත්ත්ව සංගණනයේ වාර්තාව අද

සත්ත්ව සංගණනයේ වාර්තාව අද

ReeCha