දීර්ඝ කාලයක් සිදු කළ ජාවාරම හසුවෙයි

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 09, 2023 12:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් දීර්ඝ කාලයක සිට කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (08) දිනයේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙමටගොඩ පොලිස් වසමේ මෙම වැටලීම සිදු කර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 950 ක් සන්තකයේ තබාගෙන සිටි වත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා සහය දුන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 35, 46 යන වයස්වල පසුවන බව සඳහන්. මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් හමුවෙයි..පොලිස් විමර්ශන අරභයි..

අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් හමුවෙයි..පොලිස් විමර්ශන අරභයි..

ReeCha