අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සිරුරක් හමුවෙයි..පොලිස් විමර්ශන අරභයි..

By Sewvandhi Sep 09, 2023 11:43 AM GMT
Report

අද (09) අලුයම් කාලයේදී ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක නිවසක පදිංචිව සිටි තරුණියක් ඉහළ මහලයකින් පහළට වැටී මියගොස් තිබේ.

එනම්, තොරතුරු වාර්තා වෙන පරිදි මියගොස් ඇති තරුණිය එංගලන්තයේ පදිංචිකාරිණියකි. ඇය Facebook හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද අදාළ නිවාස සංකීර්ණයේ නිවසක් කුලියට ගෙන ඇති ඇය, පසුගිය අප්‍රේල් මස ලංකාවට පැමිණ එහි පදිංචිව සිට ඇත.

හෙට (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු අතර අද අලුයම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.