රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්..
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වන නියමු ව්‍යාපෘතිය පසුගියදා ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ අතර එම පිරිසට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ප්‍රදානය කිරීම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණා.
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2022 ඔක්තෝම්බර් 27 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී .
එහිදී යෝජනා වූ පරිදි විශේෂ වෛද්‍ය සහතිකයක් යටතේ පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබාදීමට එකග වී තිබේ.
තවද මෙම යෝජිත නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් 50ක කණ්ඩායමක් යොදා ගනිමින් සිදු කිරීමටත් යෝජනා කෙරුණා.
මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය සඳහා බලය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ඉන් පැවරිණි .
එසේම මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලය තුළ එහි ප්‍රගතිය නියාමනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් එහිදි යෝජනා වී ඇති බවයි පැවසෙන්නේ.
මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසු,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාගේ අධීක්ෂණයෙන් හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් මෙම නියමු ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.