පඩි වැඩි කරලා තියෙද්දිත් වැඩ වර්ජනය කිරීම අසාධා‍රණයි ඇමති නලින්ද කියයි

Report

පඩි වැඩි කිරීම් සිදුකර තිබියදී රෝගීන් අසීරුතාවයට පත්වන අන්දමින් වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය කිරීම අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.

ඔහු මෙසේ පැවසුවේ විශ්ව විද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ   ඊයේ දින   විවාදයට  එක් වෙමිනි.

පාර්ලිමේන්තුවේදීය නලින්ද ජයතිස්ස මහතා මේ පිළිබදව දැක්වූයේ මෙවන් අදහසක්

''වෛද්‍යවරුන්ට වැඩ කිරීමට පහසු වාතාවරණයක් ඇතිකර තිබෙනවා. ඒ අයට අපේ ආර්ථිකයට සාපේක්ෂව වැඩි වැටුප් ලබාදීමට කටයුතු කරනවා. දින පනහකට කලින් අපි දැවැන්ත ආපදාවකට මුහුණ දුන්නා. ලෝක බැංකුව කියන විදිහට රුපියල් කෝටි 120000ක හානියක් සිද්ධ වෙලා සිද්ධ වෙලා තියෙනවා. එහෙම උනා කියලා අපි කිසිම වැටුපක් අමතර දීමනාවක් කපන්න කටයුතු කරලා නැහැ. ඒවා එලෙසම ලබාදෙනවා. වෛද්‍යවරුන්ගේ ඉඳලා හැමදෙනාටම වැටුප් වැඩිවීම ජනවාරි ඉඳලා ලබාදීලා තියෙනවා. වෛද්‍යවරුන් තැන් කිහිපයක වැඩ වර්ජන ක්‍රියාත්මක කළා. දෙහිඅත්තකණ්ඩිය රෝහල වර්ජනයක් නිසා අඩාල වුණා. හේතුව වෛද්‍යවරුන්ගේ මාරුවීමක්. මාරු කරලා තිබුනේ දිගු කාලයක් එක තැන වැඩ කරපු වෛද්‍යවරයෙක්. 2007 ඉඳලා 2025 වෙනකම් අවුරුදු 18ක් එකම තැන.  ''

කෝ විශ්වාසභංගේ? මම දුවන් ආවේ එකට මූණ දෙන්න - ජනාධිපති අයින් කරගන්න බැරිවුණා දැන් මාව

කෝ විශ්වාසභංගේ? මම දුවන් ආවේ එකට මූණ දෙන්න - ජනාධිපති අයින් කරගන්න බැරිවුණා දැන් මාව