ආචාර්ය ගීතා ගෝපිනාත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අස් වෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊයේ (21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඒ බව නිවේදනය කර තිබෙනවා.
එම ධුරයෙන් ගීතා ගෝපිනාත් මහත්මිය ඉල්ලා අස්වී ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස එක්වීමේ අරමුණින්ය.
පසුගියදා ජාත්‍යන්තර අරමුදල වෙනුවෙන් ඇය ශ්‍රී ලංකාවේ සංචාරයකද නිරත වුණා.