"ගණන් කරන්න පුළුවන් තරමක් ගන්න" - සේවකයන්ට දුසිම් ගණන් බෝනස්. - අන්න කොම්පැනි.

By Wayomi Jan 31, 2025 04:50 AM GMT
Report

දොඹකර සමාගමක් සිය සේවකයින්ට වසර අවසාන ප්‍රසාද දීමනා ලබා දීමේ දී අපූරු ක්‍රමයක් ගැන චීනයෙන් වාර්තා වුණා.

ඒ අනුව ඩොලර් මිලියන 11ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 70ක මුදල් ප්‍රමාණයක් ප්‍රසාද දීමනා ලෙස පිරිනැමීමට එම සමාගම තීරණය කර තිබූ අතර ඒ සඳහා අපූරු කොන්දේසියක් ද පනවා තිබුණා.

ඒ, අදාළ මුදල් තොගයෙන් තමාට ගණනය කළ හැකි තරම් ප්‍රමාණයක් පමණක් ඔවුනට ගෙදර ගෙනයාමට හැකි වීමයි.

හෙනන් මයිනින් නැමැති මෙම දොඹකර සමාගම විසින් ඒ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය මේසයක් මත තබා තිබූ අතර මිනිත්තු 15ක කාලයක් තුළ දී සේවකයන්ට තමාට ගණනය කළ හැකි තරම් මුදල් ප්‍රමාණයක් තමා සන්තක කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

මෙම සිද්ධිය ඇතුලත් වීඩියෝ පට චීනයේ ඩූයින් සහ වෙයිබෝ වැනි චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල උණු කැවුම් ලෙස බෙදා ගැනුණු අතර අදාළ කාලය තුළ දී එක් සේවකයෙකු යුවාන් 100,000ක්, එනම් රුපියල් ලක්ෂ 12.07ක මුදලක් එකතු කර ගන්නා අයුරු සටහන් වුණා.

එලෙස අදාළ සමාගම විසින් මෙම ප්‍රසාද දීමනාව ලබා දී තිබුණේ පසුගිය දා උදා වූ චීන නව වසරට පෙරයි.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

ජපන් වාහන වල ඔබ පුදුම කරවන මිල ගණන් මෙන්න.

රෑට හැදෙන උදේ අතුරුදහන් වෙන පාස්පෝට් පෝළිම. - මාලිමා රජය පාස්පෝට් පෝළිම හංගන විදිහ හෙළි වුණේ මෙහෙමයි. - (VIDEO දර්ශන සහිතයි)

රෑට හැදෙන උදේ අතුරුදහන් වෙන පාස්පෝට් පෝළිම. - මාලිමා රජය පාස්පෝට් පෝළිම හංගන විදිහ හෙළි වුණේ මෙහෙමයි. - (VIDEO දර්ශන සහිතයි)


You May Like This Video