ට්‍රම්ප් එරට අධ්‍යාපන අමාත්‍යාංශය වසා දමයි
ඇමරිකානු අධ්‍යාපන අමාත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර ඇති බව වාර්තා වේ.
පාසැල් දරු දැරියන් පිරිසක් පිරිවරා ගනිමින් ඔහු මෙම විධායක නියෝගයට අත්සන් තබා ඇති අතර ඔහුගේ අධ්‍යාපන ලේකම්වරිය වන ලින්ඩා මැක්මැහෝන් ප්‍රමුඛ පරිපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.
කොන්සවර්ටිව් මතධාරීන්ගේ දිගු කාලීන් සිහිනයක් වූ අධ්‍යාපන අමාත්‍යාංශය වසා දැමීමේ මතය තමන් යළි බලයට පත් වුවහොත් වහාම යළි ක්‍රියාත්මක කරන බවට ට්‍රම්ප් මැතිවරණ පොරොන්දුවක් දී තිබූ බවත් සඳහන් වේ.
රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අනවශ්‍ය වියදම් පිළිබඳ ට්‍රම්ප් දැනුවත් කර ඇති අතර එය ද අධ්‍යාපන අමාත්‍යාංශය වසා දැමීමට එක් හේතුවක් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව නමින් විශේෂ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර ඇති අතර එයද ජනපති ට්‍රම්ප් භාර දී ඇත්තේ ලොව අංක එකේ බිලියනපති වන ඉලෝන් මස්ක්ට බව ද වාර්තා වේ. එම දෙපාර්තමේන්තුව “ඩොජ්" නමින් හඳුන්වනු ලබයි.
මෙම විධායක නියෝගයට ජනපති ට්‍රම්ප් අත්සන් කර ඇත්තේ ඇමරිකානු අධ්‍යාපන අමාත්‍යංශය ඇමරිකන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කිසිඳු අවස්ථාවක ක්‍රියා කර නොමැති බවත්,අධ්‍යාපන අමාත්‍යාංශය ඇමරිකන් වැසියන්ගේ බදු මුදල් කොල්ල කෑ බවටත් චෝදනා නගමිනි.
චීනයටත් යුරෝපයටත් වඩා පසුගාමීව ඇති ඇමරිකාවේ අධ්‍යාපනය දියුණු කිරීමට තමන් පියවර ගන්නා බව ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.
