ජනාධිපති සටනේ ප්‍රබල අපේක්ෂකයෙක් ඝාතන සැලැස්මක්..ආයුධ සමඟ සැකකරු අත්අඩංගුවට.

Donald Trump United States of America World Political Development
By Aruna Sep 16, 2024 03:55 AM GMT
Aruna

Aruna

Report

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නැවත වරක් ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ත කර ඇති බව FBI ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා සිය ෆ්ලොරිඩා ගොල්ෆ් පිටියේදී ක්‍රීඩා කරමින් සිටියදී මෙම ඝාතන තැත ක්‍රියාත්මක වී ඇතත්, තමා “ආරක්ෂිතව සහ හොඳින්” සිටින බවයි ඉන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යයට පවසා තිබෙන්නේ.

ට්‍රම්ප් ක්‍රීඩා කරමින්සිටි ස්ථානයට ඉදිරියෙන් සිදුරක් අසල තිබූ ගොල්ෆ් පිටියේ පඳුරු අතරින් AK-47 වර්ගයේ ආයුධයක් එළියට එන බව රහස් සේවා නියෝජිතයෙකු දැක ඇති අතර ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක වූ බවද සඳහන්.

නමුත් එම අවස්ථාවෙදී එම සැකකරු කළු නිසාන් රථයකින් පලා ගොස් ඇති අතර පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුට අයත් යැයි සැලකෙන ආයුධයක්, බැක්පැක් දෙකක් සහ GoPro කැමරාවක් ගොල්ෆ් පිටියේ මායිම අසල පඳුරු අස්සේ දමා ගොස් තිබියදී සොයා ගෙන ඇති බවයි වාර්තා විදෙස් වාර්තා වල සහන් වන්නේ.

මෙම සැකකරු හඳුනාගෙන ඇත්තේ Ryan Wesley Routh ලෙසවන අතර ඔහු වයස අවුරුදු 50 ට ආසන්න පුද්ගලයෙක් බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඝාතන තැතත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විශාල ප්‍රමානයක් ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ හි හිටපු ජනාධිපතිවරයාගේ නිවස වටා මෙන්ම සිද්ධිය වූ ගොල්ෆ් පිටිය අවට ද රැස්ව සිටින බව විදෙස් වාර්තා ප්‍රකාශ කර ඇත.

ආධාරකරුවන්, ඔවුන්ගෙන් සමහරක් MAGA තොප්පිය පැළඳ, බැනර්, පුවරු සහ ඇමරිකානු ධජ අතැතිව "AMERICA FIRST" වැනි සටන් පාඨ කියමින් එහි රැඳී සිටින බව සඳහන්.