ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්.
Donald Trump
United States of America
By krishani
2020 මැතිවරණයේ දී ඡන්ද වංචා කරමින් ඒ පිළිබඳව කුමන්ත්‍රණය කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනාවක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව මැතිවරණය වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, සාක්ෂිකරුවෙකුට හානි කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට එරෙහිව කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා හතරක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහු මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එමෙන්ම ඔහුට දැනටමත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සහ අසභ්‍ය තරුවකට මුදල් ගෙවීමක් වසන් කිරීම සඳහා ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත.
කෙසේ වෙතත්, හෙට (03) දින ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් හි අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි.
