හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට.

Donald Trump United States of America
By krishani Jun 13, 2023 08:46 AM GMT
krishani

krishani

Report

ඇමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීමට මියාමි නගරයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ජනාධිපති ධුරයට අයත් රහස්‍ය ලේඛන එම ධුරයෙන් ඉවත් වූ පසුවත් තමා සන්තකයේ තබාගැනීම හේතුවෙන් ය.

එයට එරෙහිව ඔහුට චෝදනා 37ක් මියාමි ෆෙඩරල් අධිකරණයේ ගොනුකර තිබෙනවා.

ඔහු සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණි ඇති අතර ඔහුගේ නීතිඥ කණ්ඩායම සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇත.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ, මියාමි නගරයේ ආරක්ෂාව ද තරකර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මියාමි නගරාධිපතිවරයා පවසා ඇත්තේ,  එල්ලවන විරෝධතා පාලනයට ආරක්ෂක අංශ සූදානමින් සිටින බවයි.