ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධි චෝදනා 37ක්.
Donald Trump
United States of America
By krishani
නීතිවිරෝධීව, ඇමරිකානු න්‍යෂ්ටික සහ ආරක්ෂක වැඩසටහන් පිළිබද අතිශය රහස්‍ය ලිපිගොනු තබාගත් බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා 37 ක් වේ.
පිටු 49 කින් යුත් එම ලේඛනයේ ජාතික ආරක්ෂක තොරතුරු අනවසරයන් සන්තකයේ තබාගැනීම, ඔත්තු බැලීම පනත උල්ලංඝනය කළ බවට චෝදනා තිස් එකක් එල්ල කර ඇත.
2021 ජනවාරි මාසයේ දී ඔහු ධවල මන්දිරයෙන් පිටව යනවිට පෙන්ටගනය, සී.අයි.ඒ., ජාතික ආරක්ෂක ඒජන්සිය සහ අනෙකුත් බුද්ධි අංශවල ඉතාමත් රහසිගත ලිපිගොනු රැගෙන ගොස් අනාරක්ෂිත ලෙස ෆ්ලොරිඩාහි පිහිටි ඔහුගේ නිවසේ තැබූ බවට ෆ්ලොරිඩා හි ෆෙඩරල් අධිකරණයේ චෝදනා ගොනුකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |