සහනාධාරවල බඩුමුට්ටු එපා.. සල්ලි දෙන්න - විදේශයන්ට දන්වපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න
එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ එහි අනුබද්ධ ආයතන මගින් ‘දිට්වා’ සුළි කුණාටු ආපදාවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 35ක (රුපියල් බිලියන 10.9ක් පමණ) මානුෂීය ප්‍රමුඛතා සැලැස්මක් (Humanitarian Priorities Plan) දියත් කර ඇති බව වාර්තා වේ.
මෙම සැලැස්ම මගින් 2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා මාස 4ක කාලය තුළ දැඩි බලපෑමට ලක්වූ අවදානම්කරුවන් 658,000ක් සඳහා ජීවිත බේරාගැනීමේ සහන සැපයීම අරමුණු කර ඇත. මෙය ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර සහාය ඉල්ලීමකට අනුව සිදු කෙරේ.
මේ වන විට මෙම සැලැස්මට ඩොලර් මිලියන 9.5ක් පමණ මුදල් ලැබී ඇති අතර, ඒ සඳහා දායක වී ඇත්තේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගම්, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී ඇත්තේ, මෙම ජාත්‍යන්තර ආධාර මුදල් වශයෙන් ලබාගෙන රටේ විනාශ වූ යටිතල පහසුකම් (පාලම්, මාර්ග, විදුලි, ජලය ආදිය) කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමට යොදා ගන්නා ලෙසයි.
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාව මත මෙම ආධාර කඩිනමින් ලබාගැනීමට ලිඛිත ඉල්ලීම් කිරීමටද කටයුතු යොදා ඇත.
එක්සත් ජනපදය තනිවම ඩොලර් මිලියන 2ක් පමණ සහන සැලසීමට පියවර ගෙන ඇති අතර, එක්සත් රාජධානිය £1 මිලියනක් (ඩොලර් මිලියන 1.3ක් පමණ) ප්‍රකාශ කර තිබේ.
මෙම ආපදාවෙන් පුද්ගලයින් ලක්ෂ ගණනක් පීඩාවට පත්ව ඇති බැවින් ජාත්‍යන්තර සහයෝගය තීරණාත්මක වේ.