අද මෙරට බැංකු කිහිපයක ඩොලරයේ මිල සටහන් වූයේ මෙහෙමයි. (PHOTOS)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
Dollars
By krishani
සඳුදා දිනයට සාපේක්ෂව අද (19) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 316.67 දක්වා සටහන් විය.
එමෙන්ම විකුණුම් මිල සටහන් වූයේ රු.330.89 ක් ය.
කොමර්ෂල් බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 317.68ක් වන අතර විකුණුම් මිල රුපියල් 328 දක්වා ඉහළ ගොස් ඇත.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319 ක් වන අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 329 ක් ලෙසින් ය.



