අද දිවයින පුරා වෙන්න යන දේ මෙන්න - වැඩේ ලේසි නෑ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (24) දිනයේත් ක්‍රියාත්මක බව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, තමන් ඉදිරිපත් කළ ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වනතුරුත් සතුටුදායක හෝ යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
මේ අතර, පැය 48ක කාලය අවසන් වූ පසුවත් මෙම වැඩවර්ජනය තවදුරටත් දීර්ඝ කරන්නේද යන්න පිළිබඳව සඳුදා දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, ඔවුන් සඳහන් කළේ වර්ජනය නිසා තමන් අසරණ තත්ත්වයකට පත්ව ඇති බවය.
මේ අතර, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව යළිත් මෙම මස 28 වැනිදා සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ විකිරණ තාක්ෂණවේදින්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.