අද උදෑසන 8 සිට රට පුරාම ක්‍රියාත්මක වේ - ජනතාවගේ අවධානයට

Report

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසා ඇත්තේ අද (04) පෙරවරු 8 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

වැඩ වර්ජනය අවසන් කරන කාලසීමාව පිලිබඳව අද පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

අති විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

අති විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම සතිය තුළ අවස්ථා දෙකකදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණි.

සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බලධාරීන්ගේ සෘණාත්මක ප්‍රතිචාර සැළකිල්ලට ගනිමින් මෙලෙස යළි වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය.