ChatGPT වලින් ඔයත් වැඩ ගන්නවද? හැබැයි ආයෙ ChatGPT පාවිච්චි කරන්නෙ පරිස්සමට
ලෝකේ පිස්සුවෙන් වගේ තාක්ෂණේ පස්සේ දුවනවනේ. ඒ පස්සෙ ලංකාවත් පුළුවන් විදිහට දුවන්න බලනවා.
කොහොම වුණත් මේ දවස්වල තාක්ෂණය ගැන කියද්දි AI එහෙම නැත්තම් Artificial intelligence කියන්නේ නැතුවම බැරි වචනයක්.
අන්න එහෙම වෙලාවක ChatGPT අයිති OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් මහතා පරිශීලකයින්ගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.
ඉල්ලීම පොඩියි වගේ පෙනුනට ආයතනය නම් ඒ නිසා ලොකු පාඩුවක් ලබන බව තමයි ආරංචිය.
ඉල්ලීම තමයි please සහ thank you කියන වචන දෙක පරිශීලකයින්ට ChatGPT එකේදී භාවිත කරන්න, ලියන්න එපා කියන කාරණාව.
ඔහු ඇයි ඒ විදිහට ආචාරශීලී වෙන්න එපා කියන්නේ කියන එකටත් ඔහු හේතුවක් දෙනවා.
ඒ තමයි ChatGPT කියන්නේ කෘතිම හදවතක්.
ඒ නිසා ඒකට අපි ආචාරශීලී වුණාට කිසිදු වාසියක් වෙන්නෙ නැහැ. හැබැයි මේ වචන දෙක ලියන නිසා සමාගමට, ඩොලර් මිලියන ගණනාවක් පාඩු වෙනවලු.
ඒ මොකද please සහ thank you කියන වචන දෙක අතිශය ආචාරශීලී නිසාම ChatGPT පද්ධතිය තුළ ඒ වචන යොදලා ප්‍රශ්නයක් ඇහුවම පිළිතුරු දෙන්න වැඩි කාලයක් වැයවෙනවලු.
සාමාන්‍යය ගණනය කිරීම්වලට අනුව ChatGPT එකට ප්‍රශ්නෙකට පිළිතුරු දෙන්න පැයකට වොට් 2.9 ක් වැයවෙනවා.
ChatGPT වල ඔබ යොදන වචන වැඩි වෙද්දි ඒ සඳහා ChatGPT එකට යන කාලෙත් වැඩි වෙනවා.
සාමාන්‍යයෙන් දවසකට ChatGPT එකේ සෙවීම් බිලියන 9 ක් වෙන බව කියනවා.
ඒ අනුව වසරකට ටෙරා වොට් පැය 10 ක විදුලියක් ඒ සඳහා වැය වෙනවා. කොටින්ම කිව්වොත් පොඩි රටක් අවුරුද්දක් එළිය කරන්න පුළුවන් විදුලියක් ChatGPT එකට යනවා.
ඒ නිසා තමයි OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් මහතා මෙන්න මේ ඉල්ලීම තමන්ගේ පරිශීලකයන්ගෙන් කරන්නේ. මේ නිසා වෙන තව බරපතළ ගැටලුවකුත් තිබෙනවා.
ඒ තමයි පරිසරයට මුදා හරින කාබන් ප්‍රතිශතය මේ නිසා වැඩි වෙනවා. මේ වගේ දත්ත මධ්‍යස්ථාන වැඩ කරන්න සෑහෙන විදුලියක් යන නිසා විදුලිය වැඩි වෙද්දි පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රතිශතයත් වැඩි වෙනවා.
මේක වර්තමානයේ සිද්ධ වෙන නිහඬ විනාශයක් කියලා තමයි හොයා ගෙන තිබෙන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ ආගන්තුක සත්කාරවලට හොඳම රට ලංකාව කියලනේ.
ඉතින් අපේ රටේ මිනිස්සු මැෂින් එකකට වුණත් ආචාරශීලී වෙන්න අමතක කරන්නෙ නැහැ. හැබැයි ඇමෙරිකාව වගේ රටවලත් ChatGPT භාවිත කරන අයගෙන් 67% මේ වචන දෙක භාවිතා කරනවා.
බ්‍රිතාන්‍ය 71% ක් . ඒ විදිහට ලෝකේ පුරා ඉන්න මිලියන ගාණක් මිනිස්සු ChatGPT එකට මේ වචන භාවිතා කරනවා.
එතකොට ඉතින් හිතන්නකෝ ලංකාව ගැන.
ඒ නිසා අද ඉඳන් ChatGPT භාවිත කරද්දි ආචාරශීලී වෙන්න යන්න එපා.
ඒ වෙනුවට අපි වෙන්න යන නිහඬ විනාශය නවත්තගමු.
