EPF තාවකාලිකව අත්හිටුවයි (PHOTO)
Google
Sri Lanka
employee provident fund
Latest Headlines
Sinhala news
By Kaushi
කම්කරු දෙපාර්තුමේන්තුවෙන් සපයන සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම සේවා කටයුතු හෙට (21) දින සිට දෙදිනක කාලයක්, එනම් මැයි 23 වන දින තෙක් අත්හිටුවන බව ප්‍රකාශ කරයි.
ඒ එම සේවා කටයුතුවල ඩිජිටල් දත්ත පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් වෙනුවෙන් බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවතත් මැයි මස 23 වන දා සිට ප්‍රමුඛතාව අනුව සේවාවන් ලබා දෙන බවයි.
ඒ අනුව රට පුරා පිහිටි කම්කරු කාර්යාලවල සේවක අර්ථ සාධක අරමුදලේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් සේවාවන් පහතින් දැක්වේ.
