නැවත දැනුම්දෙන තුරු මෙන්න මේ දේ නම් කීයටවත් කරන්න එපා..

By krishani May 31, 2024 05:40 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

නැවත දැනුම්දෙන තුරු මෙන්න මේ දේ නම් කීයටවත් කරන්න එපා.. | Do Not Sail In Sea Areas Until Further Notice

ඒ සක්‍රීය වී ඇති නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවයි.

ඒ හේතුවෙන් මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනු ලැබීය.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකිය.

එමෙන්ම, දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

අවම වැටුප ගැන තීරණයක්?. මේ ඒ ගැනයි..

අවම වැටුප ගැන තීරණයක්?. මේ ඒ ගැනයි..


ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ ය.