රියදුරන්ට විශේෂ නිවේදනයක්..අද මේ..මාර්ගයේ වාහන ධාවනය කරන්න එපා...
ඇඹිලිපිටිය - කොළඹ ප්‍රධාන මාර්ගය කහවත්ත ප්‍රදේශයෙන් වාහන ගමනාගමනය සීමා කර ඇති බව වාර්තා වේ.
ඒ ඵෙතිහාසික කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිදු පෙරහර වීථි සංචාරය කිරීම නිසා බව සඳහන්.
ඒ අනුව අද (14) දින රාත්‍රි 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වාහන ගමනාගමනය සීමා කරන බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අඳාළ කාල සීමාව තුළ ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර සහ කොළඹ දෙසට ගමන් ගන්නා බර වාහනවලට එම කාලසීමාව තුළ කහවත්ත - යායින්න හන්දියෙන් වමට හැරී මනන්දොළ, නිවිතිගල, තිරිවානකැටිය හරහා රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද දන්වා තිබෙනවා.
එසේම පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් කියා ඇත්තේ රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට ගමන් ගන්නා සැහැල්ලු සහ බර වාහන පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගේපොළ හරහා පල්ලේබැද්ද මාර්ගය ඔස්සේ ඇඹිලිපිටිය දක්වා ධාවනය කළ හැකි බවයි.