දිවුලපිටියට මත්කුඩු බෙදූ තරුණිය පොලිස් දැලේ
By Gagana News
දිවුලපිටිය ප්‍රදේශයේ මහා පරිමාණව හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු 21 හැවිරිදි තරුණියක් දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පරීක්ෂා කිරීමේදි ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ද ගෙන ඇත.
ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ කලක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බවත් ප්‍රදේශ කිහිපයකට මත්කුඩු අලෙවි කර ඇති බවත්ය.
ඇය සතුව තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට අධික බවත් පොලිසිය ප්‍රකාශ කරන අතර ඇය මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ද නියෝග කර තිබේ.