ලංකාවටත් තදින්ම දැනුණු ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රියෙත් සාකච්ඡාවක්!
අමෙරිකාව විසින් පනවන ලද තීරු බදු සම්බන්ධයෙන් අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ තවත් සාකච්ඡාවක් අද (08) රාත්‍රියේදී පැවැත්වීමට නියමිත බberoව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් පිළිගැනීමේ ප්‍රතිචාරයක් ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.