පිළිකා රෝගීන් ගැන සෞඛ්‍ය ලේකම් ගෙන් අනාවරණයක්.

Report

හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අභිභවා 2030 වනවිට පිළිකා රෝගයෙන් සිදුවන මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන බව සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන පෙරේදා (20) මාතර, කඹුරුගමුව “ලැබීම” නව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

පිළිකා රෝගීන් ගැන සෞඛ්‍ය ලේකම් ගෙන් අනාවරණයක්. | Disclosure About Cancer Patients

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ,පිළිකා රෝගීන් අඩු කිරීම සඳහා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරනවා මෙන්ම රෝග නිවාරණ අංශය ශක්තිමත් කිරීම ඉතා වැදගත් බවත්, කල් ඇතිව රෝගීන් හඳුනා ගැනීම, වළක්වා ගැනීම, ආහාර රටාවන් වෙනස් කිරීම, ව්‍යායාමවල යෙදීම වශයෙන් රෝග නිවාරණ අංශයේ වැඩපිළිවෙළ රාශියක් තිබිය යූතු බවත්, ඒ සඳහා දැනට ක්‍රියාත්මක වැඩ ශක්තිමත් කළ යුතු බවත්ය.

සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ, වසරකට ඖෂධ සඳහා පමණක් බිලියන 180 ක් වෙන් කර තිබෙන අතර ජනතාවගේ මුදල් හරිහැටි කළමනාකරණය කර ගුණාත්මක ඖෂධ සැපයීම වගකීමක් හා යුතුකමක් බවයි. 


                                                                                               Sponsored By Sarrita Jewellery

පිළිකා රෝගීන් ගැන සෞඛ්‍ය ලේකම් ගෙන් අනාවරණයක්. | Disclosure About Cancer Patients