අත්අඩංගුවට පත් චරිත් අබේසිංහට සජබයෙන් විනය පරීක්ෂණයක්

Report

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර විනය පරීක්ෂණයක්  පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රකාශ කළේය.

රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නොහොත් නදුන් චින්තක නමැත්තාගෙන් විවිධ නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් අතිවිශාල මූල්‍යමය අල්ලස් ලබා ගැනීමේ බරපතළ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගැනුණු චරිත් අබේසිංහ මහතාට එරෙහිව පක්ෂයක් ලෙස ඉදිරියේදී අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වනවා ද යන්න සම්බන්ධයෙන් අද 25 වැනිදා පාර්ලිමේන්තුවේ සභාවාරය අතරතුරදී අධිකරණ අමාත්‍යවරයා වෙත පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායකවරයා මේ බව නිල වශයෙන් කියා සිටියේය.

සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහත් අත්අඩංගුවට

සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහත් අත්අඩංගුවට

විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට