අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය-විමර්ශන තොරතුරු පරිගණක ගත කරයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය හා විමර්ශන අංශයේ විෂය ලිපිගොනුවල අඩංගු තොරතුරු සියල්ල පරිගණකගත කර රාජකාරි කටයුතු විධිමත් කිරීමට පරිගණක දත්ත පද්ධතියක් සැකසීමට මූලික පියවර ගෙන ඇතැයි එම අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ .
එම අමාත්‍යාංශය ලබා දුන් වාර්තාවේ දැක්වෙන්නේ ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත කළමනාකරණ අංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණ අංශය ඒකාබද්ධව මෙම දත්ත පද්ධතිය නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවයි.
ජාතික පාසල්වල සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ නියුතු ගුරුවරුන්ගේ විනය පාලන බලතල පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නමට පැවරීමට දැනටමත් පියවර ගෙන ඇතැයි ද එහි සඳහන් කර ඇත. මේ වන විට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකුට ගුරු විනය පාලන බලතල පවරා දී තිබෙන බව ත් අනෙකුත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට විනය පාලන බලතල ලබා ගැනීමට ඉල්ලීම් කරන ලෙසට දැනුම් දී තිබෙන බව ත් එමගින් කියා සිටී.
තවද එහි සදහන් වෙන්නේ පසුගිය කාලයේදී විවිධ හේතූන් මත විනය අංශයේ විෂය නිලධාරීන් 05 දෙනෙකු අනුප්‍රාප්තිකයෙකු නොමැතිව විමර්ශන ශාඛාවේ සේවයෙන් නිදහස් කිරීමට සිදුවීම හේතුවෙන් සහ සහකාර ලේකම් (විනය) තනතුර සැලකිය යුතු කාලයක් පුරප්පාඩුව පැවැතීම හේතුවෙන් ශාඛාවේ රාජකාරි විශාල වශයෙන් අඩපණ වූ බවයි.
විනය හා විමර්ශන අංශයට පැවරෙන අධික රාජකාරි ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට දැනට සිටින කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බැවින් අමතර කාර්ය මණ්ඩලයක අවශ්‍යතාව බලධාරීන්ට දැනුම් දී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.
ඒ අනුව විනය හා විමර්ශන ශාඛාවන්ට අත්‍යවශ්‍ය මාණ්ඩලික නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් ප්‍රමාණවත් පරිදි ඉදිරියේදී අනුයුක්ත කරන බව සදහන් වේ . .