ආපදාවෙන් පීඩාවට පත් ව්‍යවසායයන්ට සුබ පණිවිඩයක්
රට තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මතු වූ ආපදා තත්වය හේතුවෙන් බිද වැටුණු ව්‍යාපාරික අංශය කඩිනමින් යථාවත් කිරීම සඳහා පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06ක සහන කාලයක් සහිතව වසර 03කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු මඟින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි 'විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය' නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර තිබේ.
ඒ අනුව ඒ සඳහා රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වේ.
එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත .
මෙරටට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා 'RE-MSME = ආපදා සහන' ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2025-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන්ට මාස හයක සහන කාලයක් සහිතව වසර තුනකින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මඟින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
තවද මෙරට ආපදාවෙන් බලපෑමට ලක් වී ඇති මහා පරිමාණ ව්‍යවසායයන් ඇතුළු සියලුම ව්‍යවසායයන් වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි වන ලෙසත් පෞද්ගලික බැංකු ද දායක කර ගනිමින් එකී ණය යෝජනා ක්‍රමය වැඩිදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනාගන ඇත