ආපදාවන්ට ලක් වූ සියලු දෙනාට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත .
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදුවූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සහන ලබාදීමේ අරමුණින් බලපත්‍රලාභි බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය නිකුත් කිරීමටයි.
තවද ණය ගනුදෙනුකරුවන් අදාළ බලපත්‍රලාභි බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් මාර්ගයෙන් 2026.01.15 දිනට පෙර ඉල්ලීමක් කළ විට පහත දක්වා ඇති සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභි බැංකු වෙත මහ බැංකුව දැනුවත් කර තිබේ.
ඒ අනුව
1 තාවකාලික ණය සහන
2 බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට නව ණය පහසුකම්
3 ප්‍රමාද ගාස්තු / දඩ පොලී ආදිය අය කිරීම අත්හිටුවීම (2026/01/31 දක්වා)
4 ණය පහසුකම්වලට අදාළ සැකැස්මක් ඉදිරිපත් කිරීම
ඉහත සඳහන් ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කිරීමක් ඇති වුවහොත්, බලපත්‍රලාභී බැංකු විසින් එවැනි ප්‍රතික්ෂේප කිරීමකට හේතුවූ කරුණු ලිඛිතව ණය ගනුදෙනුකරු වෙත දැනුම්දිය යුතු වේ.
ඒ වගේම අයදුම්කරුට එම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවත් නිවේදනයේ සදහන් වේ.
තවද බැංකු වලට උපදෙස් ලබා දී ඇත්තේ , ණය ගනුදෙනු කරුවන්ගෙන් ලැබෙන නව ණය අයදුම්පත් බලපත්‍රලාභී බැංකු විසින් අසතුටුදායක ණය තොරතුරු කාර්යාංශ වාර්තා මත පමණක් පදනම්ව ප්‍රතික්ෂේප කිරීම සිදු නොකළ යුතු බවයි.