ආපදා සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමේ යෙදවුමක්
ආපදා සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමේ යෙදවුමක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගන්නා ලදි.
දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ එය ක්‍රියාත්මක වෙයි ලෝක බැංකු ආධාර එම ව්‍යාපෘතියට හිමිව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරන මෙම යෙදවුම පරිගණක, ජංගම දුරකතන මගින් භාවිතයට ගත හැකි ලෙස සකස් කර ඇත.
ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සම්බන්ධව ක්‍රියාත්මක වන ආයතන 50කට අධික ප්‍රමාණයක දත්ත ඇතුළත් බව සදහන් වේ.
ඒ අතර වනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය , වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලිය ඇතුලු ආයතන රැසක් වෙයි.
ඉන් ලබා ගන්නා තොරතුරු එකම වේදිකාවක් තුළ කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් විශ්ලේෂණය කිරීමයි.
එහිදී සිදුවෙයි ආපදා අවම කර ගැනීම මෙන්ම ග්‍රාමීය මට්ටමේ ජනතාවට තොරතුරු දැනුම්දීමට ද ඉන් පහසුකම් සැලසෙයි පූර්ව අනතුරු ඇඟවීම , ප්‍රතිචාර දැක්වීම , හදිසි මෙහෙයුම් කළමනාකරණය සහ අන්තර් සම්බන්ධීකරණය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කිරීමටයි කටයුතු යොදා ඇත .
මෙම යෙදවුම හදුන්වාදීමේ අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඇතුලු පිරිසක් එක්ව තිබේ .